28 වන කුටියේ ලේ පැල්ලම් - ලොව හෙල්ලූ කෙඩී කැබින් ඝාතන අබිරහස
💀🧭❓⭕ නිහඬ රාත්‍රියක් අඳුරු වෙයි 🦉
1981 අප්‍රේල් මාසයේදී, කැලිෆෝනියාවේ "කෙඩී" (Keddie) නමැති නිහඬ නගරය කම්පාවට පත් කරමින් එහි වු කැබින් කුටියක් තුළ අතිශය බිහිසුණු අපරාධයක් සිදුවුණා. එහි වින්දිතයන් වුණේ ග්ලෙනා ෂාප් (Glenna Sharp), ඇගේ පුත් ජෝන්, සහ ඔහුගේ මිතුරා වූ ඩේනා වින්ගේට්. නමුත් මේ සිද්ධිය ලෝකයම භීතියට පත් කළේ එහි තිබුණු අස්වාභාවික සහ බියකරු ස්වභාවය නිසයි. කුටියේ අංකය 28 නිසා මෙය 28 වන කුටියේ අභිරහස, කෙඩී කැබින් අභිරහස ආදී නම් වලින් ලොව පුරා ප්‍රසිද්ධ වුනා.
Site of former #28 in July 2012
⭕ හෙලි වූ අතිශය බියකරු කරුණු 🧭
මෙම අපරාධ ස්ථානය දුටු පරීක්ෂකයන් පවා මවිතයට පත් කළ කරුණු කිහිපයක් තිබුණා.
➡️ අසාමාන්‍ය ප්‍රචණ්ඩත්වය: වින්දිතයන්ට පහර දී තිබුණේ ඉතාම දරුණු ලෙසයි. ඔවුන්ව බැඳ තබා, මිටියකින් සහ පිහියකින් නැවත නැවතත් ඇ - න තිබුණා. එම ප්‍රහාර කොතරම් දරුණුද යත්, අපරාධය සඳහා භාවිතා කළ එක් පිහියක් මැදින් දෙකට කැඩී තිබුණා ‼️
සිද්ධිය වූ ස්ථානයේ තිබී මිටියක් සහ පිහියක් සොයා ගැනේ
➡️ බේරුණු අයගේ කතාව: පුදුමයට කරුණ නම්, මේ බිහිසුණු ඝාතනය සිදුවන අවස්ථාවේදී ෂාප් පවුලේ අනෙක් කුඩා පිරිමි ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරෙකු යාබද කාමරයේ නිදාගෙන සිටීමයි. ඔවුන් පවසන පරිදි ඔවුන්ට කිසිම ශබ්දයක් ඇසී තිබුණේ නැහැ. ඝාතකයා ඔවුන් සිටි කාමරයට ඇතුළු නොවී, අනෙක් අයව පමණක් තෝරාගෙන ඝාතනය කර තිබුණා.
➡️ ලේ තැවරුණු බිත්ති: මුළු සාලයම ලේ වලින් පිරී තිබුණා. ඝාතකයා වින්දිතයන්ව ඝාතනයෙන් පස්සෙත් ඔවුන්ගේ සිරුරු විවිධ අසාමාන්‍ය ඉරියව් වලින් තබා තිබූ බවටත් සාක්ෂි හමුවුණා.
නිවසේ ඉදිරිපස දොර සහ විසිත්ත කාමරයේ අභ්‍යන්තරය
➡️ අතුරුදහන් වූ දැරිය: මේ සිදුවීමේ ඇති අමුතුම කොටස වුනේ ටීනා ෂාප් (Tina Sharp) ගේ අතුරුදන් වීමයි. අපරාධය සිදු වූ ස්ථානයේ සිරුරු තුනක් තිබුණත්, 12 හැවිරිදි ටීනා ෂාප් එහි සිටියේ නැහැ. ඇයව පැහැරගෙන ගොස් ඇති බව පෙනෙන්න තිබුණා. ටීනාගේ සිරුරේ කොටස් හමුවුණේ ඊටත් වසර තුනකට පසුව, එම කුටියේ සිට සැතපුම් 30ක් පමණ ඈතින් පිහිටි වනාන්තරයක තිබියදීයි. ඇයව ඝාතනය කරේ කවුද සහ ඇයි ඇයව පමණක් එතැනින් රැගෙන ගියේ යන්න අදටත් රහසක් ( ඒ ගැන හිතල බලන්න ‼️)
Victims, clockwise: Sue Sharp, John Sharp, Dana Wingate, and Tina Sharp
➡️ නොඇසුණු කෑගැසීම්: තවත් කැබින් කාමර එකිනෙකට ඉතා ආසන්නව පිහිටි මේ ස්ථානයේ, මෙතරම් දරුණු සටනක් සිදුවන ශබ්දය අසල කැබින් වල අයට නොඇසීම විශාල අබිරහසක්.
⭕ පරීක්ෂණයේ අසාර්ථකත්වය 🛸
මෙම නඩුවේ සැකකරුවන් ලෙස එම නිකේතනයේම පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනෙකු (Marty Smartt සහ Bo Boubede) ගැන දැඩි සැකයක් තිබුණා. මාටි ස්මාර්ට් විසින් තම බිරිඳට ලියන ලද ලිපියක "මම ඔයා වෙනුවෙන් ඝාතනයක් කළා" වැනි අදහසක් තිබුණත්, පොලිසිය එය බැරෑරුම් ලෙස ගණන් ගත්තේ නැහැ. ප්‍රාදේශීය පොලිසිය සහ FBI ආයතනය අතර තිබුණු නොගැලපීම් නිසා වැදගත් සාක්ෂි රාශියක් මඟ හැරුණා.
අපරාධ ඇසින් දුටු බව කියන ජස්ටින්ගේ සාක්ෂි මත පදනම් වූ සැකකරුවන් දෙදෙනෙකුගේ මුල් සංයුක්ත රූප සටහන්.
⭕ අවසානය 👽
දශක හතරකට වඩා ගත වී ඇතත්, කෙඩී කැබින් ඝාතන අභිරහස තවමත් විසඳී නැහැ. 2016 දී එම ස්ථානය අසල තිබී ඝාතනයට භාවිතා කළා යැයි සැක කරන තවත් මිටියක් හමු වුණත්, ඉන් පසුවත් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. ඉතින් අදටත් මේ 28 වන කුටිය දෙස බලන ඕනෑම කෙනෙකුගේ සිතට නැඟෙන්නේ එකම බියකරු ප්‍රශ්නයක්.
එදා රාත්‍රියේ ඒ කුඩා කුටිය තුළ නිදා සිටි දරුවන් පවා නොදැනුවත්ව සිදුවූ ඒ මහා විනාශයට වගකිව යුත්තේ කවුද ❓
👽 ඉතින් මේ කැබින් එක ඇතුලේ එදා මොන වගේ දෙයක් වෙන්න ඇතිද❓ ඇයි අල්ලපු කාමරයේ ඉඳපු අයටවත් එතන වුන දේ ඇහුණෙ නැත්තේ ❓ ඒ ගැන ඔයාගෙ වටිනා අදහස්, මතවාද හැමෝටම බලන්න පහලින් comment කරගෙන යන්න..ඒ වගේම තවත් කෙනෙකුට මේක කියවන්න share කරන්නත් අමතක කරන්න එපා 🛸





