පිහි පහර 28ක් යට සැඟවුණු "රහස් ප්‍රේමය ": සුරූපී කේසරියාගේ ඝාතනය ....


ජෝර්ජියාවේ අංක එකේ ට්රාන්ස්ජෙන්ඩර් (Transgender) මෝස්තර නිරූපිකාව වූ කේසරියා ඒබ්රමිඩ්සේ (Kesaria Abramidze), ඇයගේම නිවස තුළදී අමානුෂික ලෙස ඝාතනයට ලක් විය. මේ ඒ සුරූපිනියගේ මරණය පිටුපස ඇති කතාවයි.




Beka Dzhaiani සහ Kesaria Abramidze.
ඡායාරූපය: kesaria_official / Instagram / Radio Tbilisi


​කේසරියා යනු තමන්ගේ අනන්යතාවය ගැන ලෝකයටම විවෘතව කතා කළ නිර්භීත කාන්තාවකි. ඇය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූවාය. තම සහකරු වූ 26 හැවිරිදි බේකා ජයිසානිට පවා ඇය මූල්යමය වශයෙන් උපකාර කළාය.

නමුත් ඇය ඔහුට ලබා දුන් ආදරය වෙනුවට ඔහු ඇයට ලබා දුන්නේ වෛරය සහ ප්රචණ්ඩත්වයයි. ඔහු ඇය සමඟ සබඳතාවක් පැවැත් වුවද , ඇය සමඟ ප්රසිද්ධියේ පෙනී සිටීමට බිය විය. ඒ, ඇය ලිංගික සංක්රාන්තික කාන්තාවක වීම නිසා සමාජයෙන් එල්ල වන අවමන් තනිව දරා ගැනීමට ඔහුට පෞරුෂයක් නොතිබූ බැවිනි.



                                                            Abramidze in 2020



Born18 August 1987
Died18 September 2024 (aged 37)
Tbilisi, Georgia
Cause of deathMurder by stabbing
Occupations
  • Blogger, 
  • actress, 
  • model




​නිරන්තරයෙන් ඔහුගෙන් එල්ල වූ පහරදීම් නිසා කේසරියා ඔහුගෙන් වෙන්වීමට උත්සාහ කළාය. තමන්ගෙන් යැපුණු, තමන්ට පහර දුන් මිනිසාට තවදුරටත් ආදරය කළ නොහැකි බව ඇය තීරණය කළාය.

එහෙත් ඔහු ඇයව මුළා කළේය. "මම ඔයාව විවාහ කරගන්නවා, අපි අලුතින් ජීවිතය පටන් ගමු" යැයි පවසමින් ඔහු ඇයව හමුවීමට අවස්ථාවක් ලබා ගත්තේය.









​ඔහුගේ වචන විශ්වාස කළ කේසරියා, තම ජීවිතයේ දිගුකාලීන බලාපොරොත්තුවක් ඉටු වූවා යැයි සිතා ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් සමාජ මාධ්යයට එක් කළාය. ඇය සිතුවේ දැන්වත් ඔහු ඇයව ලෝකයට හඳුන්වා දෙනු ඇති බවයි. නමුත් එය පලකර මද වේලාවකින් එය ඉවත් කර ඇත. බොහෝ දුරට ඔහුගේ බලපෑම මත එය ඉවත් කරන්නට ඇත. ඉන් ස්වල්ප වේලාවකට පසු ඇය ඝාතනය වී ඇත.

ඔහු ඇයව හමුවීමට පැමිණියේ හොදින් සැලසුම් කර ඇයව නිහඬ කරවීමටය. ඔහුට අවශ්ය වූයේ ඇයව තමන්ගේ ජීවිතයෙන් මෙන්ම ලෝකයෙන්ම ඉවත් කර තමන්ට එල්ල විය හැකි සමාජ අපවාදයෙන් "නිදහස්" වීමටයි.








මෙම ඝාතනය සිදුවූයේ ජෝර්ජියානු රජය විසින් සමලිංගික සහ ට්රාන්ස්ජෙන්ඩර් අයිතිවාසිකම් සීමා කරන නව නීති සම්මත කර දිනකට පසුව වීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ඇයගේ මරණය එරට මානව හිමිකම් සහ LGBTQ+ අයිතිවාසිකම් පිළිබඳ දැඩි කතාබහක් ඇති කිරීමට හේතු විය.
​කේසරියාගේ කතාව අපට පසක් කර දෙන්නේ එක් කණගාටුදායක සත්යයකි. සමාජය කුමක් කියයිද යන බිය, මිනිසෙකු කෙතරම් අමානුෂික මෘගයෙකු බවට පත් කළ හැකිද යන්නයි. ඇය මිය ගියේ ආදරය වෙනුවෙනි. නමුත් ඇය ආදරය කළේ තමන්ව ලෝකයට පෙන්වීමට බිය වූ, තමන්ගේ මුදලින් යැපුණු බියගුලු මිනිසෙකුටය.



ඒබ්‍රමිඩ්සේ ඝාතනයේ සැකකරු පොලිස් නිලධාරීන් විසින්
රැගෙන යන අයුරු




​මිනිසත්කමට වඩා සමාජ මතය ලොකු වූ තැන, ආදරය සැමවිටම මෙලෙස පරාජය වේ.










--- මෙවැනි තොරතුරු දැන ගැනීමට SK MIND වෙබ් පිටුව follow කර තබා ගන්න ---









Post a Comment

Previous Post Next Post

Ala Adawwa- ආල අඩව්ව

Api Aye Hamuwela (Female AI Cover )